ඉන්ධන රැගත් බවුසරයක් නිවසක් මතට පෙරලෙයි..

Sri Lanka Accident
By krishani May 06, 2023 04:33 AM GMT
Report

හපුතලේ - බත්ගොඩ ප්‍රදේශයේ දී ඉන්ධන රැගත් බවුසරයක් ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදු වී තිබෙනවා.

සිද්ධියෙන් එහි රියදුරු සහ සහයකයා තුවාල ලබා හපුතලේ රෝහලට ඇතුළත් කෙරිණී.

අද(06) අළුයම, ඉන්ධන ලීටර් 33,000ක් රැගත් මෙම බවුසර් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 75ක පමණ ප්‍රපාතයකට පෙර ලී තිබෙනවා.

එහිදී ඉන්ධන අඩංගු බවුසරය නිවසක් මතට පෙරළී ඇති අතර ඒ හේතුවෙන් නිවසට ද දැඩි හානි සිදුව ඇත.

එයින් නිවැසියන්ට හානියක් සිදුව නොමැති අතර මෙම බවුසරයෙන් ඉන්ධන කාන්දුවෙමින් පවතියි.

ඒවා එක් රැස් කර ගැනීම සඳහා ප්‍රදේශවාසීන් එම ස්ථානයට පැමිණ ඇති බව වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join