වේදීකාව සිප ගන්න කඩාගෙන උඩටම ආව දුම්රිය.. - වීඩියෝ දර්ශන සහිතයි.. (VIDEO)

Sri Lanka Railways Accident Department of Railways Railways Latest Headlines
By krishani Apr 15, 2024 02:17 PM GMT
Report

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පළමු වේදිකාවට ඇතුලත් කිරීමේදී නියමිත ස්ථානයේ දී දුම්රියක් නවතා ගැනීමට එහි කාර්ය මණ්ඩලයට අපොහොසත් වී තිබෙනවා.

වේදීකාව සිප ගන්න කඩාගෙන උඩටම ආව දුම්රිය.. - වීඩියෝ දර්ශන සහිතයි.. (VIDEO) | Accident At Colombo Fort Railway Station

ඒත් සමග එම දුම්රිය වේදිකාව ද කඩාගෙන ඉදිරියට ගමන් කර ඇති බව වාර්තා විය.

එම අනතුර හේතුවෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 2.35ට හලාවත බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියයි.

කෙසේ වෙතත්, අනතුරෙන් දුම්රිය ගමනාගමනයට ගැටලුවක් වී නොමැති අතර දෙපාර්තමේන්තුව මට්ටමින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව සඳහන් වේ.

වීඩියෝ දර්ශන - Ada Derana