ප්‍රසංගයක් අතරතුර වහලයක් කඩා වැටෙයි - පුද්ගලයෙක් මියගොස් 28ක් තුවාල ලබයි..

United States of America Accident
By krishani Apr 01, 2023 06:58 AM GMT
Report

අමෙරිකාවේ පැවති ප්‍රසංගයක් අතරතුර වහලයක් කඩා වැටී පුද්ගලයෙකු මියගොස් තවත් 28 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

අනතුර සිදුවන මොහොතේ එම ස්ථානයේ සිටි පුද්ගලයින් සංඛ්‍යාව ගැන මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති අතර ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

තුවාල ලැබූ පුද්ගලයින් රැගෙන යාමට ගිලන් රථ 20 ක් පමණ එම ස්ථානය වෙත යවා ඇති අතර ප්‍රසංගය පැවති ස්ථානයේ වහලය කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join