මන්ත්‍රී පුතා සුපිරි රථයක් ධාවනය කර මහ පාරේ අනතුරු වැලක් සිදු කරයි..(CCTV VIDEO)

Sri Lanka Accident
By Aruna May 08, 2023 04:34 AM GMT
Report

පසුගියදා මැරීන් ඩ්‍රයිව්හිදී SUV රථයක් වාහන දෙකක ගැටීමෙන් අනතුරක් සිදුවුණා.

මෙම අනතුර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ල් ගුණසේකර මහතාගේ පුත්‍රයා විසින් සිදු කළ අනතුරක් බවටයි වාර්තා වන්නේ. මේ සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

CCTV දර්ශනවල සටහන් වූ මෙම අනතුර සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ද පැතිර යමින් තිබේ.

ඒ අනුව වේගයෙන් පැමිණි SUV රථයක් බම්බලපිටිය මැරීන් ඩ්‍රයිව් ප්‍රදේශයේදී මාර්ග ඉදිකිරීම් කිහිපයක් මඟහැරීමට යාමේදී පාලනය කරගත නොහැකිව තවත් වාහන දෙකක ගැටෙන අයුරු CCTV කැමරාවේ සටහන්ව තිබුණා.

SUV රථයේ සිටි තරුණයින් බරපතල තුවාල වලින් බේරී ඇත.

කෙසේ වෙතත් මාර්ගයේ ගමන් ගත් ජීප් රථයට සහ වාහන දෙකකට දැඩි හානි සිදුව තිබෙනවා.

ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා රියදුරු අර්ල් ගුණසේකරගේ පුත්‍රයා පොලිසියට කැඳවූ බවයි පොලිසිය පවසන්නේ.

මෙම සිද්ධියට අදාල වීඩියෝ දර්ශන පහතින් නරඹන්න.

අදාල වීඩියෝව මෙතනින් නරඹන්න?

සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now