පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අනතුරට ලක්වෙයි..05ක් රෝහල් ගත කරයි.

Sri Lanka Police Sri Lanka Politician Sri Lanka Accident
By Aruna May 03, 2023 02:27 AM GMT
Report

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත් මහතා ගමන් ගත් ඩිෆෙන්ඩර් ජීප් රථය වාරියපොල දී කුඩා ප්‍රමාණයේ ලොරි රථයක ගැටීමෙන් ලොරි රථයේ රියදුරා සහ එහි සිටි පුද්ගලයන් පස් දෙනකු(5) තුවාල ලබා වාරියපොල රෝහලට ඇතුළත් කර ඇතැයි වාරියපොළ පොලිසිය පවසනවා.

ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පවසා සිටියේ, මෙම අනතුරෙන් මන්ත්‍රීවරයාට කිසිදුහානියක් සිදුවී නොමැති අතර ඔහු ගමන්ගත් ජීප් රථය පැදවූ හැට හත් හැවිරිදි රියදුරා ද තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි.

මන්ත්‍රීවරයා ගමන්ගත් ජීප් රථය පදවා ඇත්තේ විශ්‍රාමික පොලිස් සැරයන්වරයෙකි.

පෞද්ගලික බැංකුව ඉදිරිපිට නතර කර තිබූ කුඩා ප්‍රමාණයේ ලොරි රථය එක්වරම මාර්ගයට ගැනීමට යාමේදී මෙම අනතුර සිදුවී ඇති බව පරීක්ෂණවලින් පෙනී ගියේ යැයි එම උසස් පොලිස් නිලධාරියා කියා සිටියා.

තුවාල ලැබූවන් රෝහල්ගත කිරීමට මන්ත්‍රීවරයාද සහය ලබාදී ඇත. පසුව මන්ත්‍රීවරයා වෙනත් රථයක් ගෙන්වා ගෙන එහි නැගී පිටත්ව ගොස් ගිය බවයි පොලිසිය කියා සිටියේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now