17 හැවිරිදි පෙම්වතියව නිරුවත් කර රහස් ප්‍රදේශයට මිරිස් කුඩු දාල..ඒ මදිවට වීඩියෝත් කරල..

Sri Lanka Accident
By Aruna Apr 13, 2023 03:09 AM GMT
Report

අවුරුදු 17 ක් වයසැති පෙම්වතියව නිරුවත් කර ජංගම දුරකථනයෙන් වීඩියෝ කරමින් රහස් ප්‍රදේශයට මිරිස් කුඩු ගසා තුවාල සිදුකිරීමේ ඛේදජනක පුවතක් මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙම අපරාධය සිදුකළ 18 හැවිරිදි පෙම්වතා ලබන 25 වැනි දා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ දිසා විනිසුරු හේශාන්ත ද මෙල් මහතා ඉකුත්දා නියෝග කළා.

තරුණිය රෝහල්ගතව නේවාසිකව ප්‍රතිකාර ලබන බවට අධිකරණයේදී සඳහන් විය.

දෙපාර්ශ්වයේම මවුපිය ඥාතීන් දැනුවත්ව, දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධතාව පවත්වාගෙන ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

සැකකරු යතුරුපැදියකින් පැමිණිලිකාරියව තම ප්‍රදේශයේ මිතුරෙකුගේ නිවසකට රැගෙන ගොස් තිබේ.

පසුව එම නිවසේ කාමරයක් තුළදී පැමිණිලිකාරිය, සැකකරුට නොදන්වා ගිය ගමනක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුල දුරදිග යෑමෙන් අනතුරුව සැකකරු එම නිවසේ කුස්සියේ තිබූ මිරිස්කුඩු දමා තිබූ බෝතලය රැගෙන විත්, ‘උඹ කවදාවත් හැදෙන්නෙ නැහැ’ යැයි කියමින් මෙසේ කළ බවට පැමිණිලිකාරිය ප්‍රකාශ ලබාදී ඇති බවට අධිකරණයේදී සඳහන් විය.

මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. එන්. පී. එස්. ජයලත්, උප පොලිස් පරීක්ෂිකා එම්. කේ. රමණී ඇතුළු නිලධාරීහු කණ්ඩායම වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now