ශ‍්‍රීපාද වන්දනාවට ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක් එයි..පැමිණි බසයක් ප්‍රපාතයකින් පහලට පෙරළී 02ක් මරුට..

Sri Lanka Accident
By Aruna Feb 19, 2023 11:42 PM GMT
Report

සති අන්තය තුලදි ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා වන්දනාකරුවන් විශාල පිරිසක් පැමිනිමත් සමග නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ ශ්‍රිපාදය වන්දනා කිරිමට වන්දනාකරුවන්ට දිගු පොලිම්වල රැදි සිටිමට සිදුවු බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ. ඒ.පී. එස්.වීරසේකර මහතා පැවසිය.

මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු වීරසේකර මහතා පවසන ලද්දේ පාසල් නිවාඩුව නිමා වන මෙම සති අන්තය තුලදි පාසල් නිවාඩුව නිමවිමට පෙර ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා ලංකාවේ විවිධ ප්‍රදේශවල සිට වන්දනාකරුවන් ලක්ෂයකට අධික පිරිසක් පිරිසක් පැමිනිමත් සමග මෙම තත්වයන් උදාවු බවත්ය.

වන්දනාකරුවන් රැගෙන රථ වාහනද විශාල ප්‍රමාණයක් පැමිනිමත් සමග නල්ලතන්නිය ප්‍රදේශයේ රථ වාහන නැවතුම් පලවල් පිරි යාමෙන් රථ වාහන විශාල ප්‍රමාණයක් නල්ලතන්නියේ මස්කෙළිය මාර්ගයේ ක්‍රිලෝ මිටර් තුනක් පමන දුරකට මාර්ගය අයිනේ නතර කර තැබිමට පියවර ගත් බවද ඔහු පැවසිය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now