වැලන්ටයින් එකට පැය කීපයක් තිබියදී ඇඳුම් ගලවා වෘෂණ කෝෂ දෙක බලෙන් කපයි..
පැරණි කොන්තරයක් ඇවිස්සීමෙන් කුපිත වූ පුද්ගලයෙකු සිය අතෙහි වූ තියුණූ ආයුධයකින් අනෙකාගේ වෘෂණ කෝෂය කැපීමේ පුවතක් මෙරටින් වාර්තා වනවා.
ඒ හේතුවෙන් බරපතල තුවාල ලැබූ එම පුද්ගලයා ඊයේ (13) රාත්රියේ රෝබේරිය ප්රාදේශිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප්රතිකාර සදහා බදුල්ල පළාත් මහ රෝහලට ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
සිද්ධියට මුහුණ පා ඇත්තේ, පිටමාරුව සූරියගොල්ල ගම්මානයේ පදිංචි වයස අවුරුදු 41 ක අවිවාහක අයෙකු බවයි පැවසෙන්නේ.
කිසියම් කටයුත්තක් සඳහා තම වත්තට ගොස් ආපසු එමින් සිටියදී රාත්රී 08.30 ට පමණ මග රැක සිටි තමුන් දන්නා හඳුනන පුද්ගලයෙකු විසින් සරම ගලවා අතෙහි වූ පිහියකින් වෘෂණ කෝෂය කපා තුවාල සිදුකල බව තුවාලකරු පවසනවා.
කැපුම් තුවාල ලැබූ පුද්ගලයා ඔහුගේ ඥාතීන් විසින් රෝහලට ඇතුළත් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන තුරුත් කිසිවෙකුත් පොලීසිය වෙත පැමිණිලි කර නොමැති අතර රෝහල මගින් පොලිසිය වෙත දැනුම් දී තිබුණා.
සිද්ධියට සම්බන්ධ සැකකරු ද එම ප්රදේශයේම පුද්ගලයෙක් වන අතර මඩොල්සිම පොලිසිය හා බදුල්ල රෝහල් පොලිසිය ඉදිරියේ දී මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |