මුද්ද දාන ඇගිල්ල පරිස්සම් කර ගන්න..නැත්නම් ඔබටත් මේ දේ වෙන්න පුලුවන්..

Sri Lanka Police Jaffna Sri Lanka Accident
By Aruna Jan 17, 2023 12:39 AM GMT
Report

යාපනයේ පුවක්කරෙයි ප්‍රදේශයේදී පුද්ගලයකුගේ ඇඟිල්ලක් කපා රන් මුදුවක් හොරා ගෙන තිබෙන පුවතක් වාර්තා වනවා.

මඩකලපුවේ පදිංචි ඔහු යාපනයේ නෑදෑ නිවසකට පැමිණ සිටියදී නිවසට පැමිණි හොරු දෙදෙනකු එක් මුද්දක් ගලවා අනෙක් මුද්ද ගැලවීමට නොහැකි තැන ඇඟිල්ල කපා රන් මුදුව පැහැර ගෙන ගොස් තිබේ.

හොරුන් විසින් පැහැර ගන්නා ලද මුදු දෙකේ වටිනාකම රුපියල් ලක්ෂ දෙකහමාරක් පමණ වන බවට පොලිසියට පැමිණිලි කොට තිබේ.

සිද්ධිය නිසා තුවාල ලැබූ පුද්ගලයා යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.

යාපනය පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වා ගෙන යයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now