තියුණු ආයුධයකින් වෘෂණ කෝෂ දෙක කපා ගනී..පසුව කවරයක දමාගෙන රෝහල ගෙන යයි..

Sri Lanka Accident
By Aruna Jan 13, 2023 08:00 AM GMT
Report

තියුණු ආයුධයකින් තම වෘෂණ කෝෂ දෙක කපා ගත් පුද්ගලයෙකු එම කැපී බිම වැටුන වෘෂණ කෝෂ දෙක සමගින් රෝහල්ගත කර තිබේ.

පොල්පිතිගම මූලික රෝහලට මෙසේ ඇතුළු කුර ඇත්තේ කුඹුක්ගැටේ පොලිස් වසමේ පදිංචි 63 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු පොල් කඩන්නට භාවිතා කරන කැත්තකින් වෘෂණ කෝෂ වෙන් වෙන්නට කපා ගෙන ඇති අතර එහිදී ලේ වහනය නවතා ගැනීමට නොහැකි වීම මත පවුලේ අය විසින් වෘෂණ කෝෂ දෙක පොලිතින් බෑගයක දමාගෙන රෝහල්ගත කර තිබේ.

පොල්පිතිගම රෝහලට ඇතුළත් කරන ලද රෝගියා කඩිනමින් කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරුකර යැවීමට කටයුතු කර ඇත.

පොලීසිය සඳහන් කරන්නේ මෙම පුද්ගලයා යම් කිසි රෝගී තත්ත්වයකින් පසු වන පුද්ගලයෙකු බවට සැක කරන බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now