අධිවේගයේ සිදු වූ මාරක රිය අනතුර..(VIDEO)

Accident
By krishani Aug 13, 2022 06:47 AM GMT
Report

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පරගස්තොට ප්‍රදේශයේදි 74 හැවිරිදි වයෝවෘද්ධ රෝගී කාන්තාවක් රැගෙන යමින් සිටි මෝටර් රථයක් අනතුරට ලක්ව තිබේ.

මෙම මෝටර් රථය කඩවත අධිවේගී හුවමාරුවෙන් ඇතුළු වී මාතර දෙසට ධාවනය කිරීමේදී වම්පස ආරක්ෂිත වැටෙහි ගැටීමෙන් මාර්ගයෙන් ඉවතට පැන ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර් රථයේ පස්දෙනෙකු ගමන් කර සිට ඇත.

ඉන් තුවාල සිදු වී ඇත්තේ වයෝවෘද්ධ රෝගී කාන්තාවට පමණක් වන අතර තුවාල ලද එම කාන්තාව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් මැදිහත්ව ගිලන් රථයකින් නාගොඩ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.

මෝටර් රථයේ රියදුරුට නින්ද යාම හෝ අධික වේගය මෙම අනතුරට හේතුවන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

විඩියෝ දර්ශන - Hiru News Y-Tube Channel 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join