හමුදා භටයෙක් ගසක බැඳ ඝාතනය කිරීමට සැලසුම් කිරීමක් ගැන පලවූ පුවතක් සම්බන්ධයෙන් දැනුම් දීමක්.(PHOTOS)

Sri Lanka
By Aruna Jul 28, 2022 11:11 PM GMT
Report

ගුවන් හමුදා භටයෙන් නාඳුනන පිරිසක් විසින් පැහැරගෙන ගොස් පහරදෙයි යනුවෙන් සමාජ මාධ්‍යයේ පළ වූ පුවතක් පිළිබඳ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පැහැදිළි කිරීමක් සිදුකර තිබෙනවා.

ගුවන් හමුදාවේ මඩකළපු කඳවුරට අනුයුක්තව සේවය කරනු ලැබු කෝප්‍රල්ත්වරයෙකු වාලචිචේන, රිදීතැන්න ප්‍රදේශයේ ගසක බැඳ සිටියදී ඊයේ (28) දින උදෑසන ප්‍රදේශවාසීන් විසින් දැක වාලචිවේන පොලිසියට දැනුමි දීමෙන් පසු රෝහල් ගතකරන තිබුණා.

එම ස්ථානයේ තිබී දමිළ භාෂාවෙන් ලියන ලද පුවරුවක් ද පොලිසිය මගින් සොයාගත් අතර එම පුවරුවේ "කෲර දේශපාලනයට උදවිකරන ගැත්තන් මේ විදියට තමයි මරණයට පත්කරන්නේ" යනුවෙන් සටහන් කර තිබු බවයි ගුවන් හමුදාව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

පසුව මේ පිළිබඳ වාලච්චේන පොලිසිය මගින් විමර්ශනයක් ආරමිභ කළ අතර එහි දී ඔහු පවසා ඇත්තේ නිවාඩු ගොස් ආපසු එමින් සිටියදී තමාව වෑන් රථයකින් පැහැරගෙන ගොස් අත් පා ගැට ගසා ගසක බැඳ පහර දී මරා දමන්නට උත්සාහ කළ බවයි.

මෙහිදී ඔහු විසින් ලබාදුන් ප්‍රකාශය සහ කරුණු සොයා බැලීමේදී හෙලි වූ තොරතුරුවල තිබූ පරස්පර විරෝධීභාවය හේතුවෙන් සහ ඔහු අසල තිබු දමිළ භාෂාවෙන් ලියූ පුවරුව පිළිබඳ සැකයක් මතු වීම හේතුවෙන්ද ඒ පිළිබඳව පරීක්ෂණ සිදු කරනු ලැබූ පොලිස් නිලධාරීන් හට එය ලියා ඇත්තේ දෙමළ භාෂාව සමිබන්ධ පරිචයක් නොමැති පුද්ගලයෙකු බව වැටහී ගොස් ඇති අතර ඒ ඔස්සේ විමර්ශනය ඉදිරියට කරගෙන යාමේදී මෙම ක්‍රියාව ඔහු විසින්ම සිදු කර ඇති බවට පිළිගෙන තිබෙනවා.

මෙම ගුවන් හමුදා කෝප්‍රල්වරයා අන්තර්ජාල පරිගණක සූදු ක්‍රීඩාවට දැඩිලෙස ඇබ්බැහි වී සිට ඇති අතර ඔහු ඒ සඳහා යෙදවීමට තම කඳවුරේ සහෝදර ගුවන් භටයින්ගෙන් මුදල් ලබාගෙන ඇතැයි සඳහන්.

නැවත එම මුදල් ලබා දීමට අපොහොසත් වීම නිසා පළමුව සියදිවි නසා ගැනීමට අදහස් කර තිබූ බවයි ඔහු ලබා දුන් ප්‍රකාශයේ සඳහන්ව ඇත්තේ.

එහෙත් එහිදී තමන් සියදිවි නසා ගතහොත් ගුවන් හමුදාවෙන් තම බිරිඳට ලැබෙන දීමනා නොලැබෙන බැවින් ඔහු මෙම ක්‍රියාව සැලසුම් කොට තිබු බව අනාවරණ වී තිබෙනවා.

මේ වන විට මෙම කෝප්‍රල්වරයා වාලච්චේන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර අද (29) දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම ක්‍රියාව සඳහා ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ හෝ වෙනත් කිසියම් පාර්ශ්වයක කිසිඳු සම්බන්ධයක් නොමැති අතර මෙම සම්පුර්ණ ක්‍රියාවලිය මෙම කෝප්‍රල්වරයා විසින් ඔහුගේ අභිමතය පරිදි සිදු කර ඇතැයි ගුවන් හමුදාව අවධාරණය කරනවා.

මෙහිදී ශ්‍රි ලංකා ගුවන් හමුදා ප්‍රතිරූපයට සිදුවු හානිය වෙනුවෙන් මෙම කෝප්‍රල්වරයා හට ගුවන් හමුදා නීතියට අනුව පොලිස් විමර්ශන අවසානයේදී නීත්‍යානුකූලව කටයුතු කිරීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGallery