ජංගම දුරකථන භාවිතා කරන අයට විශේෂ දැනුම්දීමක්..ඔබේ දුරකථනයත් අදම පරීක්ෂා කර ගන්න..

iPhone Informatics Institute of Technology Sri Lanka Sri Lanka Institute of Information Technology Smart Phones Technology
By Aruna Jan 09, 2024 02:52 AM GMT
Report

පාරිභෝගිකයන් මිලදී ගත යුත්තේ ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව අනුමත කරන ලද ජංගම දුරකථන පමණක් බව (TRCSL) එම ආයතනය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

ඔබ මිලදී ගැනීමට බලාපොරොත්තු වන දුරකථනයට විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය ඇති බව තහවුරු කර ගැනීමට එමි (IMEI) අංකය පරීක්ෂා කරන ලෙස, එම ආයතනය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියි.

ජංගම දුරකථන ආවරණ කවරයේ එමි අංකය පෙන්වයි.

IMEI (හිස්තැනක්) ඉලක්කම් 15 අංකය 1909 වෙත යැවීමෙන් IMEI අංකයේ වලංගුභාවය පරීක්ෂා කර ගැනීමට ඔබටම අවස්ථාව උදා වෙයි.

ජංගම දුරකථනය ලියාපදිංචි කර තිබේද නැද්ද යන්න පිළිබඳව එමගින් ක්ෂණික පිළිතුරු පණිවිඩයක් ලැබෙනු ඇත.

පාරිභෝගිකයන් වංචා සඳහා හසුවීම වැළැක්වීම සඳහා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව අනුමත දුරකථන පමණක් මිලදී ගන්නා ලෙස සියලු පාරිභෝගිකයින් ගෙන් ඉල්ලා සිටියි.

Sponsored By Sarrita Jewellery

Gallery