පොහොර ගැන කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් නිවේදනයක්..

Sri Lanka Ministry of Agriculture
By krishani Sep 04, 2022 06:22 AM GMT
Report

යල කන්නයේ වී වගාව සඳහා ඉන්දියාවෙන් ආනයනය කරන ලද යූරියා පොහොර බෙදාහැරීමේ කටයුතු සාර්ථකව අවසන් වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කළේ ය.

ඒ අනුව හෙක්ටයාර 304,734 ක වගා කර තිබූ ගොවීන් 490,515කට බෙදාහැර ඇති සමස්ත යූරියා පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 29,740.73ක් බවට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කර ඇති බව එම අමාත්‍යාංශය කියා සිටි අතර යල කන්නයේ වැඩිම කුඹුරු ප්‍රමාණයක් උතුරුමැද පළාතේ වගාකර ඇත.

ඒ අනුව එම පළාතට වැඩිම යූරියා පොහොර ප්‍රමාණය බෙදාහැර ඇති අතර එය මෙට්‍රික් ටොන් 9623 ක් වේ.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join