අපි දෙන්න ඉරියි හඳයි වගේ නොගැලපෙන දෙන්නෙක්. 9 වෙනි විවහා සංවත්සරය වෙනුවෙන් අභිශේකා තැබූ සටහන. (PHOTOS)

srilanka entertainment gossip Abhisheka wimalaweera
By Sithumi Mar 24, 2022 06:35 PM GMT
Report

අභිෂේකා විමලවීර කියන්නේ අපේ සංගීත කලාවට නැතුවම බැරි දක්ෂ ගායිකාවක්. ඒ වගේම වෙනස්ම ආකාරයට ගීත නිර්මාණ ඉදිරිපත් කරන අපේ රටේ බොහෝ ජනප්‍රිය ගය්කාවක් කිවහිත් නිවැරදි. අභිෂේක 1988 නොවැම්බර් 11 වන දින ශ්‍රී ලංකාවේ ගාල්ලෙහි උපත ලැබීය.

චිත්‍රපට අධ්‍යක්ෂවරයකු, ගීත රචකයෙකු සහ කතුවරයකු වූ දමායන්ති විමලාවීර ද සිටි සුනිල් විමලාවීරගේ එකම දරුවා ඇය ය. ඇය සිය ප්‍රාථමික අධ්‍යාපනය සම්පූර්ණ කළේ සේක්‍රඩ් හාට් කන්‍යාරාමයේ ය. ඉන්පසු ඇය ද්විතීයික අධ්‍යාපනය සම්පූර්ණ කිරීම සඳහා මිලගිරියාවේ ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයට ඇතුළත් වූනා. 2006 දී අභිෂේකට ඉන්දියාවේ ලක්නව් විශ්ව විද්‍යාලයේ භාරත් සංගීත ආයතනයෙන් සංගීත් විශාරද් යන පදවි නාමය හිමි වුනා

. 2013 දී ඇය ශ්‍රී ලංකාවේ කොළඹ විශ්ව විද්‍යාලයෙන් සංගීතය සඳහා ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්තාය. 2019 දී ඇය කොළඹ විශ්ව විද්‍යාලයට සංගීතය පිළිබඳ කථිකාචාර්යවරියක් ලෙස සම්බන්ධ වූවාය.2020 දී ඇය ශ්‍රී ලංකාවේ කෙලනියා විශ්ව විද්‍යාලයේ සංගීතය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සම්පූර්ණ කළාය. ඉතින් මේ හැමදේකටම පසුව ඇය විවහා වුනා. ඒ නිරාන් අලහකෝන්. ඔහු වෘත්තියෙන් ඉංජිනේරුවෙක් වනවා. ඒ වගේම දැන් ඇය ආදරණිය මවක්ද වනවා.

අගේ දියණිය වන්නේ සුරංගනා අභිලාෂා අලහකෝන්.ඉතින් ඇයගේ නවතම පුවත් වලට අනුව අභිෂේකා විමලවීර ඇයගෙත් ඇගේ සැමියාගේත් නව වන විවාහ සංවත්සරය හේතුවෙන් අලුත්ම ගීතයක් එළි දැක්වීමට ගීතයක් එළිදැක්වීමට සූදානමින් සිටින්නේ. වැහි කවය ” නම් මෙම අපූරු ගීතයෙහි පූර්ව ප්‍රචාරක පට දැනටමත් අන්තර්ජාලයට නිකුත් කරලයි තිබෙන්නේ.ඉතින් මේ පිළිබඳව අදහස් දක්වමින් අභිෂේකා විමලවීර සමාජ මාධ්‍ය ගිණුමෙහි මේ ආකාරයෙන් සටහනක් තබා ඇත.වසර නමයක් මගේ නපුරුකම් ඉවසූ ඔහු වෙනුවෙන්

…මම අහස ලස්සනයි කියද්දි එයා කතා කරන්නෙ ග්‍රහලෝක ගැන.මම මුහුද ලස්සනයි කියද්දි එයා කියන්නෙ මුහුදු වතුරේ සංයුතිය ගැන. ඇත්තටම අපි දෙන්නා ඉරයි හදයි වගේ නොගැලපෙනම දෙන්නෙක්.ඒත් ඉතින් හද කොහොමද ඉර නැතුව ඉන්නේ? දෙන්නගෙම නොගැලපීම් දරාගෙන අපි දෙන්නම හුගක් දුර ඇවිත්.අවුරුදු නවයක් ගෙවිලා.ජීවිතේ බැදීම් අත්හරින්න,දාල යන්න ඔබටත් අනන්ත වාරයක් හිතිලා ඇති.දාල යන්නම හිතෙනකොටත් දාල නොයන කොට,දරා ගන්නම බැරි වෙන වෙලාවටත් දරා ගන්න කොට ආදරේ පර්වතයක් වෙනවා.

.වැරදිලාවත් වැස්සකටවත් කවියක් නොලිව්වට ,ජීවිතේට ආපු මහා අනෝරා වැහි වලින් මාව තෙමෙන්න නොදී බේරගත්තේ එයා…ඉතින් මේ මගේ “වැහි කවිය”කියලයි ඇය අවසාන වශයෙන් පවසා තිබුනේ

GalleryGallery