ඕස්ට්‍රේලියාවෙන් මෙරටට දැවැන්ත ආධාරයක් - එක් එක් ක්ෂේත්‍රය සඳහා මුදල භාවිතා කරන අයුරු

Sri Lanka Economic Crisis Sri Lanka Australia Sri Lanka Food Crisis
By Sewvandhi Jun 20, 2022 09:12 AM GMT
Report

ශ්‍රී ලංකාව සඳහා ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 50ක ආධාරයක් ලබාදෙන බව ඔස්ට්‍රේලියාව පවසයි. හදිසි ආහාර සහ ඖෂධ අවශ්‍යතාවයන් සඳහා යොදාගැනීමට ලබාදෙන එම අධාරය "නිල සංවර්ධන සහයෝගිතාව" යටතේ ලබාදෙන බව එරට විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කළේය.

ශ්‍රී ලංකාව මේ වනවිට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණදෙමින් සිටින අතර ඒ හේතුවෙන් ආහාර, ඖෂධ සහ ඉන්ධන හිඟයක් ඇතිවී තිබේ. එම ආධාරයෙන් ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 22ක් ලෝක ආහාර වැඩසටහන හරහා මිලියන තුනක පිරිසකගේ දෛනික ආහාර අවශ්‍යතා සැපිරීමට යෙදවෙයි.

තවත් ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 23ක් 2022/23 කාලයේදී ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා සහාය වීමට ලබාදීමට නියමිතය.

එම මුදල් සෞඛ්‍ය අංශයට සහ ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීමට යෙදවෙන අතර එහිදී අවදානම් පිරිස් විශේෂයෙන් ම කාන්තාවන් සහ ගැහැණු දරුවන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරෙයි.

ඉතිරි ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 05, මේ වනවිටත් මෙරට ක්‍රියාත්මක එක්සත් ජාතීන්ගේ ආයතන සඳහා ලබාදී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now