රෝගීන් දැඩි අර්බුධයක - ගිලන් රථ රියදුරන් හදිසි ක්‍රියාමාර්ගයකට සැරසෙයි
ගිලන් රථ වෘත්තීය සමිති, මධ්‍යම පළාත් සෞඛය අමාත්‍යාංශයේ රෝහල් ගිලන් රථ රාජකාරියේ නියුතු රියදුරු පිරිසක් වෙනත් රාජ්‍ය ආයතන වෙත මාරුකර යවා නුපුහුණු රියදුරු පිරිසක් ඊට අනුයුක්ත කිරීමට පියවර ගන්නා බව පවසමින් එම පළාතේ වර්ජනයකට සූදානම් වනවා.
අද(17) ඊට අදාළ සංගමයේ සභාපති සම්පත් කරුණාරත්න මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ මෙම අත්තනෝමතික ස්ථාන මාරු ක්‍රියාවලිය නවතා දැමීමට කටයුතු නොකරන්නේ නම් ජනවාරි මස පළමු වනදා සිට සමස්ත දිවයිනේ ම සෞඛය වෘත්තීය සමිති හා එක්ව අඛණ්ඩ වර්ජනයකට යාමට සූදානම් බවයි.
මධ්‍යම පළාතේ වසර 20ත් 30ත් හෝ ඊටත් වැඩි කාලයක පුහුණුව හා පලපුරුද්ද සහිත ගිලන් රථ රියදුරන් 15 දෙනෙකු මේ වනවිට පළාතේ වෙනත් රාජ්‍ය ආයතන වෙත මාරු කර යැවීමට අදාළ ලිපි ලේඛන එවා ඇති බවත් ඔහු සඳහන් කළා.
ඒ වෙනුවට කිසිදු හෝ පුහුණුවක් නොමැති නවක රියදුරන් 15 දෙනෙකු ගිලන් රථ ධාවනය සඳහා අනුයුක්ත කර ඇති බවත් ඔහු එම මාධ්‍ය හමුවේ දී සඳහන් කළ අතර එය වහාම නතර කරන ලෙසයි ඔහු කියා සිටියේ.