දුම්රිය මැදිරි දෙකක් අතර සිරවූ තරුණයාට සිදුවු දේ...
Sri Lanka
Sri Lanka Railways
Accident
By Sewvandhi
මරදාන සිට බෙලිඅත්ත බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ, ගමන්කරමින් සිටියදී අනතුරකට ලක්වූ තරුණයෙකු බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
වැඩිදුර තොරතුරු වාර්තා වන්නේ අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි වියේ පසුවන තරුණයෙකු මෙලෙස අනතුරට ලක්ව ඇති බවටයි.
දුම්රිය මැදිරි දෙකක් අතර එම තරුණයා සිරවී සිටියදී දුම්රියේ ගමන්කරමින් සිටි වෙනත් පිරිසක් ඔහුව දැක දුම්රිය නවත්වාගැනීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.
අනතුරුව තුවාළ ලබා සිටියදී බේරාගත් තරුණයා සුවසැරිය ගිලන් රථයක් මගින් මෙලෙස රෝහල්ගතකිරීමට කටයුතු කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |