මහවැලි ගඟේ සැඩ පහරට හසුව තරුණයෙක් අතුරුදන්

Sri Lanka Police Kandy Sri Lanka Accident
By Sithumi Jan 02, 2023 10:58 AM GMT
Report

තරුණයෙක් මහවැලි ගඟට වැටීමෙන් අතුරුදන්ව ඇති බව කටුගස්තොට පොලීසිය පවසනවා. එනම් මහවැලි ගඟේ හක්කිඳ වරාතැන්න ප්‍රදේශයේ දී මෙම තරුණයා අතුරුදන් අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ .

නව වසරේ සිය මිතුරන් පිරිසක් සමඟ මහවැලි ගඟේ වරාතැන්න ප්‍රදේශයේ ගල් තලාවක් මත විනෝද වෙමින් සිටියදී මුහුණ සේදීම සඳහා ගඟට බැස ඇති මෙම තරුණයා එක්වරම ජලයේ සැඩ පහරකට හසු වී ගසා ගෙන ගොස් අතරුදහන්ව තිබෙනවා.

 මෙසේ අතුරුදන්ව ඇත්තේ මහනුවර හල්ඔළුව ප්‍රදේශයේ පදිංචි රවිඳු ලක්ෂිත විජේසිංහ නැමැති 29 හැවිරිදි අවිවාහක තරුණයෙකි.

ගසා ගෙන ගිය තරුණයා සෙවීමේ කටයුතු පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම් සහ ප්‍රදේශවාසීන් එක්ව සිදුකළද අද (02) දහවල් වන තුරුම සොයා ගැනීමට නොහැකි වී තිබේ.

මහවැලි ගඟේ ඉතාමත් භයානක ස්ථානයක් වශයෙන් මෙම ස්ථානය සැලකෙන අතර මෙහි සිය ගණනක ජීවිත බිලි ගෙන ඇති බව ප්‍රදේශවාසීහූ පවසති. තරුණයා සෙවීමේ කටයුතු කටුගස්තොට පොලීසිය එක්ව තවදුරටත් සිදුකරමින් පවතී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now