ජංගම දුරකථනය නොදුන්නැයි තරුණයෙකු තියුණු ආයුධයකින් කපා කොටා මරාදමයි..
CID - Sri Lanka Police
Police spokesman
Sri Lanka Police
Death
Murder
By Aruna
ග්රෑන්ඩ්පාස්, නව කැලණි පාලම අසල ප්රදේශයේ දී පුද්ගලයෙකු විසින් තවත් පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.
ඊයේ (16) රාත්රී කාලයේ දී සිදු වූ එම ඝාතනයෙන් මියගොස් ඇත්තේ, සේදවත්ත ප්රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.
ඝාතනය සිදු කළ සැකකරු විසින් මරණකරුගෙන් ඔහුගේ ජංගම දුරකථනය ඉල්ලා සිටිමේ දී ඇති වූ බහින්බස් වීමක් මත තියුණු ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදු කර ඇති බවයි පැවසෙන්නේ.
ග්රෑන්ඩ්පාස් පොලීසිය විසින්, ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 18 වැනි වියේ පසු වන කොළඹ 14 හා වැල්ලම්පිටිය ප්රදේශයේ පදිංචිකරුවෙන් බවයි වාර්තා වන්නේ.
ග්රෑන්ඩ්පාස් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.