විවාහ සිහිනය බොඳකරමින් තරුණ යුවලක් දියේ ගසාගෙන යයි..නොසිතූ මොහොතක සිදුවූ අනතුර.

Sri Lanka Accident
By Aruna May 08, 2023 02:55 AM GMT
Report

විවාහ වීමට සිටින යුවළක් අත්තනගලු ඔයේ ශාඛාවක් වන දී ඇල් ඔයේ දිය නෑමට ගිය අවස්ථාවේදී ගසාගෙන ගොස් අතුරුදන් වී තිබෙන බව වාර්තා වනවා.

පොලීසිය පවසන්නේ, ඔවුන් ඊයේ (07) දී ඇල් ඔයේ දිය නෑමට ගොස් ඇත්තේ, වේයන්ගොඩ, මැදවත්ත ප්‍රදේශයෙන් බවයි.

එසේ දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ, 19 හැවිරිදි වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සහ 19 හැවිරිදි කුඩා ඔය, ලබුතැන්න ප්‍රදේශයේ පදිංචිකාරියක්.

සිද්ධිය සම්බන්ධයෙන් වේයන්ගොඩ පොලිස් නිලධාරින්, ප්‍රදේශවාසීන්, යුද හමුදාව හා නාවික හමුදාවේ සහාය ඇතිව මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now