තිබ්බ වාර්තා බිඳ දමමින්, සමිත දුලාන් පළමු උත්සාහයෙන්ම තැබු විශ්මිත ලෝක වාර්තාව මෙන්න..(VIDEO/PHOTO)

Sri Lanka Japan Sports Latest Headlines
By krishani May 21, 2024 02:55 PM GMT
Report

ශ්‍රී ලංකාවේ සමිත දුලාන් ජපානයේ කෝබේ පැවැත්වෙන ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා ශූරතා තරගාවලයේ දී නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් විය.

තිබ්බ වාර්තා බිඳ දමමින්, සමිත දුලාන් පළමු උත්සාහයෙන්ම තැබු විශ්මිත ලෝක වාර්තාව මෙන්න..(VIDEO/PHOTO) | A World Record In Javelin By Samita Dhulan

ඒ සමිත දුලාන් F - 44 හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් සිය පළමු උත්සාහයේ දී මීටර් 66.49 ක දක්ෂතාවක් වාර්තා කරමින් ය.

ඒ අනුව ඔහුට එම තරගයේ දෙවන ස්ථානය දිනා ගන්නට හැකි විය.

LPL වෙන්දේසියෙන්, හිතාගන්නවත් බැරි සල්ලි මල්ලක් මතීෂට - මෙතෙක් දුන්න වැඩිම ගාන ඒක..(UPDATE/VIDEO)

LPL වෙන්දේසියෙන්, හිතාගන්නවත් බැරි සල්ලි මල්ලක් මතීෂට - මෙතෙක් දුන්න වැඩිම ගාන ඒක..(UPDATE/VIDEO)


සමිත F - 44 කාණ්ඩයේ ක්‍රීඩකයෙක් හැටියට මෙම තරග ඉසව්ව නියෝජනය කළ අතර ඔහු එහිදී එම කාණ්ඩයෙන් ලෝකයේ වැඩිම දුරක් හෙල්ල වීසි කරන ලද ක්‍රීඩකයා බවට පත් විය.

ඔහු විසින් බිඳ දමනු ලැබුවේ ඕස්ට්‍රේලියාවේ එම් බුරියාන් 2001 දී ජපානයේ ටෝකියෝ හී දී තබා තිබූ මීටර් 66.29 ක වාර්තාව වේ.

එම තරගයේ පළමු ස්ථානය දිනා ගනු ලැබුවේ F - 64 කාණ්ඩයෙන් තරග වැදුණු ඉන්දීය ක්‍රීඩක සුමිත් ය.

කෙසේ වෙතත්, ඔහුගේ ලෝක වාර්තාව මීටර් 73.29 ක් ලෙස සටහන් වූ අතර ඔහු මේ තරගයේ දී පළමු වැනි ස්ථානය දිනා ගැනීම සඳහා වාර්තා කළ දුර ප්‍රමාණය මීටර් 69.50 ක් වේ.

වීඩියෝ දර්ශන පහතින් නරඹන්න,


.


Gallery