අවුරුදු 2 1/2ක කුඩා දරුවා දමා පලා ගිය කාන්තාව - ගුවන් මගියෙකුගෙන් පැමිණිල්ලක්

Sri Lanka Police Kalutara Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Aug 27, 2022 02:46 PM GMT
Report

කාන්තාවක් සිය වයස අවුරුදු දෙක හමාරක කුඩා පිරිමි දරුවෙකු පිටස්තර පුද්ගලයෙකුට භාරයට පත්කර පලායෑමේ පුවතක් කළුතර දකුණ පොලිස්බල ප්‍රදේශයෙන් වාර්තා වනවා. ඊයේ සෞදියේ සිට පැමිණි කාන්තාවක් ගුවන් තොටුපලේදී පුද්ගලයකු සමඟ ඇති කරගත් දැන හැදුනුම්කමක් මත ඇයටද කළුතරට යාමට අවශ්‍ය බව ඔහුගේ වාහනයෙන්ම එහි ගොස් තිබෙනවා.

කළුතරට පැමිණි පසු අදාළ පුද්ගලයා කාන්තාවට බසින ලෙස දැනුම් දුන් නමුත් දරුවාට බීමට යමක් රැගෙන එන බව පවසා ඇය වාහනයෙන් බැස ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ඒ, දරුවා අදාළ පුද්ගලයා භාරයට පත් කරමින්. කෙසේ වෙතත් අදාළ කාන්තාව ආපසු නොපැමිණි බැවින් එම පුද්ගලයා කළුතර දකුණ පොලිසියට සිද්ධිය පිළිබදව පැමිණිලි කර තිබුණා.

ඒ අනුව කාන්තාවගේ තොරතුරු සොයා ගැනීම සදහා දරුවාගේ විදේශ ගමන් බලපත්‍රය ඔස්සේ පොලිසිය විමර්ෂණ ආරම්භ කර තිබෙනවා. මේ පිළිබදව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව දරුවා පරිවාස භාරයට පත් කළ බවයි පොලිසිය සදහන් කළේ.


        සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now