චිත්‍ර ශිල්පියෙකුට කාන්තාවකගේ දෑත් බද්ධ කෙරේ. - (VIDEO)

India
By Wayomi Mar 07, 2024 08:12 AM GMT
Report

කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට සාර්ථක බද්ධ කළ පුවතක් දිල්ලියේ ප්‍රධාන රෝහලකින් වාර්තා වෙනවා.

මෙහි තවත් සුවිශේෂී කරුණක් වන්නේ මෙලෙස නැවත දෑත් හිමිව ඇත්තේ චිත්‍ර ශිල්පියෙකුට වීමය.

අවාසනාවන්ත දුම්රිය අනතුරකින් 2020 වර්ෂයේදී මෙම 45 හැවිරිදි චිත්‍ර ශිල්පියාට සිය දෑත් අහිමි වන අතර පසුගිය දිනක ශරීරාංග පරිත්‍යාග කළ කාන්තාවක් නිසා ඔහුට යළි දෑත් හිමි වනවා.

එමෙන්ම අදාල කාන්තාවගේ වකුගඩු, අක්මාව සහ අක්ෂි කොටස් තවත් පුද්ගලයින් තිදෙනෙකු වෙත බද්ධ කර ඇති බව ද සඳහන්.

මෙම සැත්කමට පැය 12ක් ගතවී ඇති අතර දිල්ලියේදී වෙනත් අයෙකුගේ දෑත් සාර්ථක ලෙස බද්ධ කිරීමේ ප්‍රථම සැත්කම මෙය බව ද වාර්තා වෙනවා.

සැත්කම සාර්ථකව නිමවූ පසුව සමූහ ඡායාරූපය ගැනීමේදී චිත්‍ර ශිල්පියා සිය අලුත් දෑතේ මහපට ඇඟිලි ඉහළට ඔසවමින් ස්තූතිය පුදකළ අයුරු දැකගත හැකියි.