වැහි කබා පාවිච්චි කරන කාන්තා පිරිමි දෙපාර්ශවයටම දැඩි අනතුරු ඇගවීමක්..වෘෂණ කෝෂ සහ ගර්භණී භාවයට වෙනදේ.

Heart Cancer Ministry of Health Sri Lanka National Health Service
By Aruna Apr 02, 2024 01:06 AM GMT
Report

ඇතැම් වැහි කබා තුළ මිනිස් හෝමෝනවල ක්‍රියාකාරිත්වයට අහිතකර ලෙස බලපාන රසායනික වර්ග අන්තර්ගත බවත්, මෙම රසායනික ද්‍රව්‍ය ශරීරගත වීමෙන් වකුගඩු පිළිකා, වෘෂණ පිළිකා, තයිරොයිඩ් ග්‍රන්ථියේ රෝග, ගර්භණී භාවය සම්බන්ධ අධික රුධිර පීඩනය වැනි තත්ත්වයන් ඇතිවන බව පරිසර යුක්ති කේන්ද්‍රය අනතුරු අඟවා තිබෙනවා.

ස්ථීර කාබනික දූෂක පොලිෆ්ලුරොඇල්කයිල්, මෙතිල්පැරබින්, පොපිල්පැරබින්, අයිසොප්‍රොපිල්පැරබින්, බියුටයිල්පැරබින්, අයිපෙන්ටයිල්පැරබින් හා පැරබීන් යනාදී රසායනික වර්ග මේවා තුළ අන්තර්ගත බව පර්යේෂණවලින් අනාවරණයවී ඇත.

පරිසර යුක්ති කේන්ද්‍රය අවධාරණය කරන්නේ, මෙම රසායනික ද්‍රව්‍ය රුධිරය හා මව්කිරි හරහා මවගෙන් දරුවාට සම්ප්‍රේෂණය වීමේ ඉඩකඩ වැඩි බවයි.

පරිසර යුක්ති කේන්ද්‍රය සහ අයිපෙන් (IPEN) ආයතනය සමග එක්ව කරන ලද පර්යේෂණයේදී, ජල විකර්ශක රෙදිවලින් සකස් කරන ලද ඒප්‍රන, වැහි කබා ආදී ඇඳුම් සාම්පල හයක් චෙක් ජනරජයේ චාල්ස් විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ පරිසර අධ්‍යයන අංශයට යොමු කිරීමෙන් පසු අනාවරණය කරගෙන ඇත්තේ ෆ්ලුරොඩකනොයික් ඇසිඩ් (PDFA) නමැති රසායනිකය ඒප්‍රනයක නැනෝග්‍රෑමයට ග්‍රෑම් 2.7ක් සහ වැහි කබාවක නැනෝග්‍රෑමයට ග්‍රෑම් 2.6ක් යන මට්ටම්වලින් අන්තර්ගත බවයි.

විදෙස් රටවලින් මෙරටට රැගෙන එන රෙදිපිළිවල මෙම රසායනික වැඩි වශයෙන් අන්තර්ගතවන බවද අනාවරණය වී තිබීම විශේෂත්වයක්.

මෙම නිෂ්පාදනවලින් ලබාගත් සාම්පල 6න් එකක් ‘පැරබීන්වලින් තොර’ ලෙස ව්‍යාජ ලෙස සඳහන් කර තිබූ බවයි, පරිසර යුක්ති කේන්ද්‍රයේ, ව්‍යාපෘති සැලසුම් කිරීම් සහ කළමනාකරණ නිලධාරී චලනි රූබසිංහ කියා සිටියේ.

මහජන සෞඛ්‍යයට සහ පරිසරය මෙම රසායනික ද්‍රව්‍යවලින් සිදුවන හානිකර බලපෑම්වලින් ආරක්ෂා කිරීමට තීරණාත්මක ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙස ප්‍රතිපත්ති සම්පාදකයන්ගෙන් ඉල්ලා සිටින බවයි පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂක දිලෙන පාත්‍රාගොඩ මහතා වැඩිදුරටත් අවධාරණය කළේ.