මේ අවුරුද්දේ රතිඤ්ඤා පත්තු කරන අයට විශේෂ දැනුම්දීමක්..

Ministry of Health Sri Lanka Fire Accident National Health Service
By Aruna Apr 09, 2024 05:40 AM GMT
Report

රතිඤ්ඤාවල ප්‍රමිතිය සොයා බලන ලෙස අක්ෂි රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් ඊයේ (08 ) ඉල්ලා සිටියා.

සිංහල දෙමළ අලුත් අවුරුද්දේදි සිදුවන ගිනිකෙළි භාවිතයේදි ඇතිවන අනතුරු සම්බන්ධව ජාතික අක්ෂි රෝහලේදී ඊයේ (08) පැවැත්වූ මාධ්‍ය සම්මන්ත්‍රණයකට එක්වෙමින් අක්ෂි රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය කුසුම් රත්නායක මහතා මෙම ඉල්ලීම සිදු කළා.

වෙනත් රටවල රතිඤ්ඤා හෝ සෑම ගිනිකෙළි ද්‍රව්‍යකම එය භාවිත කරනු ලබන ආකාරය සහ එහි අඩංගු ද්‍රව්‍ය පිළිබඳ ලේබලයක් අලවා ඇති බවයි,විශේෂඥ වෛද්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ.

නමුත් මෙරට නිෂ්පාදනය කරනු ලබන බොහෝ ගිනිකෙළි ද්‍රව්‍යවල එම තත්ත්වය දක්නට නොලැබෙන බවයි ඔහු පවසා සිටියේ.

විශේෂඥ වෛද්‍ය කුසුම් රත්නායක මහතා සඳහන් කළේ, මෙම තත්ත්වය මත බොහෝ පිරිස් ගිනිකෙළි භාවිතයේදි අනතුරු සිදුකරගන්නා බවයි.

එම නිසා ප්‍රමිති ආයතනය රතිඤ්ඤා මෙන්ම ගිනිකෙළි නිෂ්පාදනයේ ප්‍රමිතිය පිළිබඳ සොයා බැලීමක් සිදුකළ යුතු බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.