පාසල් සිසුවෙකු නිරුවත් කර අමානුෂික ලෙස පහර දෙයි - සමාජ මාධ්‍ය කැලඹූ වීඩියෝව සහිතයි..(VIDEO)

Tamil Nadu Police India Crime
By Sewvandhi Dec 21, 2023 02:25 PM GMT
Report

මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ, ඉන්දියාවේ පාසල් සිසුවෙකුට නිරුවත් කර පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් හුවමාරු වෙමින් පවතී.

අදාළ සිදුවීම වාර්තාවන්නේ ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි Jhansi ප්‍රදේශයෙනි. මෙම සිදුවීමට මුහුණදුන් සිසුවා එම ස්ථානයේ පළායාමට සමත්ව ඇති අතර ඔහු පසුව සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් ද කර තිබේ.

පාසලේදී මුදල් සම්බන්ධයෙන් මිතුරන් සමග ඇතිවූ ආරවුලක් දුරදිග ගොස් මෙලෙස තමන්ට පහරදුන් බවයි, එහිදී ඔහු සඳහන් කර ඇත්තේ.

සිසුවා පොලීසියට පවසා ඇත්තේ, එම අවස්ථාවේ තමන් බලහත්කාරයෙන් රැගෙන ගොස් ඔවුන් විසින් මත්පැන් පානය කිරීමට සලස්වා නිරුවත් කර පහරදුන් බවයි.

එම සිදුවීම පහරදුන් පිරිස විසින් රූගත කර මෙලෙස අන්තර්ජාලයට එක්කිරීමට හරහා තමන් මහත් අපහසුතාවයට පත්ව සිටින බවද සිසුවා පවසා තිබේ.

මෙලෙස අමානුෂික ලෙස පහරදීමේ වීඩියෝව මේ වනවිට ලොවපුරා බොහෝදෙනෙකුගේ කතාබහට ලක්ව ඇත. එසේම එරට පොලීසිය විසින් පහරදීමේ සිද්ධියේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශනයක් ආරම්භ කර තිබේ.