සිසුවියන් 16 දෙනෙකු අපයෝජනය කළ ටියුෂන් ගුරුවරයාට අද ලැබුණු තීන්දුව..!

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Jun 09, 2023 07:51 AM GMT
Report

සිසුවියන් 16 දෙනෙකු අපයෝජනය කළ බව කියන කළුතර ටියුෂන් මාස්ටර් ජුනි 23 දක්වා යළි රිමාන්ඩ් ගත කර තිබෙනවා.

එනම් පසුගිය මස එකොළොස් වන දා අදාල ටියුෂන් ගුරුවරයාව කළුතර ළමා හා කාන්තා අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගැනුණා.

එනම්, සැකකරු පටිගත කල දර්ශන අනුව ලිංගික අතවර කිරීම් 16 ක් සම්බන්දයෙන් අනාවරණය වන බවත් ඒවා නිරීක්ෂණය කරමින් අගතියටපත් දැරියන් සොයා ඉදිරි විමර්ශන සිදුකරන බව කළුතර ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය සදහන් කරයි.

කළුතර උතුර ගාලුපාරේ පෞද්ගලික පංති පවත්වන සැකකාර ගුරුවරයා කුඩා කණ්ඩායම් වශයෙන් වෙනත් ස්ථානවල පංති පවත්වා එහි දැරියන්ද අපයෝජනයට ලක්කර ඇද්ද යන්න සම්බන්දයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවද සදහන් වේ.

සැකකාර ගුරුවරයා අනියම් සම්බන්දතා පවත්වන බවට ඔහුගේ නීත්‍යානුකූල බිරිඳ කළුතර උතුර පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවත්, ඇය සැකකරුගේ ලැප්ටොප් යන්ත්‍රය පරීක්ෂා කිරීමේදී දැරියන්ට අපයෝජනයට ලක්කරන වීඩියෝ දර්ශන ගබඩා කර ඇති බව නිරීක්ෂණයවී දෙමව්පියන් දැනුවත් කර ඇති බවත් ජේෂ්ඨ පොලිස් නිළධාරියෙක් කීය.

සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now