ඖෂධ සම්බන්ධයෙන් සිදුවන භයානක දෙයක් ගැන ආරංචියක් මෙන්න .
Ministry of Health Sri Lanka
Sri Lankan Schools
Drugs
By Gagana
පාසල් දරුවන් අතර මේ වන විට අධි මාත්‍රා සහිත ඖෂධ ව්‍යාප්ත වීමේ ප්‍රවණතාවයක් ඇති වී ඇති බව සමස්ත ලංකා ඖෂධ බෙදාහරින්නන්ගේ සංගමයේ ලේකම් රවී කලංසූරිය පවසා තිබෙනවා.
ඔහු වැඩිදුරටත් පැවසුවේ ව්‍යාජ බෙහෙත් තුණ්ඩු ඉදිරිපත් කර ඖෂධ මිලදී ගැනීම සිදුවන බැවින් ඖෂධශාලා හිමියන් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු බවයි.
යුක්තිය මෙහෙයුමත් සමඟ ඇති වූ මත්ද්‍රව්‍ය හිඟය නිසා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් අධි මාත්‍රා සහිත ඖෂධ පානය කිරීමට හුරුවී ඇති බැවින් මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසයි සමස්ත ලංකා ඖෂධ බෙදාහරින්නන්ගේ සංගමයේ ලේකම්වරයා පවසා ඇත්තේ.
කෙසේ වෙතත් කිසිදු වගකීමකින් තොරව ඖෂධ නිකුත් කරනු ලබන ඖෂධශාලා හිමියන් වැටලීමට ක්‍රියාකරන බවට සඳහන්.