සුරූපී නිරූපිකාවකගේ මළ සිරුරක් නොහිතපු තැනකින් එකපාරටම හමු වෙලා..(PHOTOS)

Thailand Death Latest Headlines
By krishani Apr 26, 2024 01:07 PM GMT
krishani

krishani

in ලෝකය
Report

වසරක පමණ සිට අතුරුදන්ව සිටි තායි නිරූපිකාවකගේ සිරුරක් හමු වී තිබෙනවා.

සුරූපී නිරූපිකාවකගේ මළ සිරුරක් නොහිතපු තැනකින් එකපාරටම හමු වෙලා..(PHOTOS) | A Thai Model S Body Is Found In A Morgue

ඒ බහරේනයේ මෘත ශරීරාගාරයකින් ය.

මෙලෙස සොයාගෙන ඇත්තේ 31 හැවිරිදි කයිකන් කාන්නාකම් නැමැති තායිලන්ත නිරූපිකාවකගේ සිරුරයි.

චයිනා ටයිම්ස් පුවත්පතට අනුව මෙම නිරූපිකාව තම මව් රටෙන් පිටව බහරේනයේ අවන්හලක රැකියාවක් සඳහා ගොස් තිබෙනවා.

එහිදී ඇය නිතිපතා සමාජ මාධ්‍යවල ඡායාරූප සහ විවිධ සටහන් පළ කිරීමට පුරුදුව සිට ඇත.

ඒ අතරතුර දී ඇයට බහරේනයේ දී පෙම්වතෙක් මුණගැසී එම බහරේන් පෙම්වතා සමඟ එකට ජීවත් වීමට පටන් ගෙන ඇත.

ඒ බව ඇගේ පවුලේ අය සඳහන් කර තිබෙනවා.

එමෙන්ම, 2023 අප්‍රේල් මාසයේ සිට ඇය සම්බන්ධයෙන් තොරතුරක් දැනගන්නට නොලැබුණ බව ඔවුන් පැවසීය.

ඔවුන්ට ඇයව දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට ද හැකිව නොමැත.

කයිකාන්ගේ පවුලේ අය මේ වසරේ ජනවාරි මාසයේ දී බහරේනයේ තායි තානාපති කාර්යාලයෙන් උපකාර පැතූ නමුත් ඔවුන්ට ඇයව සොයා ගැනීමට හැකියාව ලැබී නොමැත.

සුරූපී නිරූපිකාවකගේ මළ සිරුරක් නොහිතපු තැනකින් එකපාරටම හමු වෙලා..(PHOTOS) | A Thai Model S Body Is Found In A Morgue

නමුත් පසුගිය අප්‍රේල් 18 වනදා තායි තානාපති කාර්යාලය පවුලේ අයට පවසා ඇත්තේ නාඳුනන අග්නිදිග ආසියානු කාන්තාවකගේ සිරුරක් සල්මානියා වෛද්‍ය සංකීර්ණයේ මෘත ශරීරාගාරයේ ඇති බව ය.

ඇයගේ කකුලේ පච්චයකින් පවුලේ සාමාජිකයින් එම මෘත ශරීරය කයිකාන් කාන්නාකම්ගේ බව තහවුරුකරගෙන ඇති අතර ඇයගේ මරණයට හේතුව මත්පැන් විෂ වීම හේතුවෙන් ඇති වූ උග්‍ර හෘද සහ පෙනහළු ආසාදනයක් බවට වාර්තා වේ.

කෙසේ වෙතත්, කයිකාන්ගේ පවුලේ සාමාජිකයින් එම මරණය සැක සහිත බව සඳහන් කර තිබෙනවා.

...................................................

May you Like