ගුරුවරයෙක් සිසුවියකට වේවැල් 05ක් එකට තබා පහර දෙයි..පහරදුන් ගුරුවරයාත් රෝහල්ගතවෙයි..

Sri Lanka Police Sri Lanka Accident Education
By Aruna Apr 23, 2023 07:55 AM GMT
Report

හැටන් ප්‍රදේශයේ ප්‍රධාන දමිල පාසලක 13 වසරේ ජිව විද්‍යා අංශයෙන් අධයාපනය ලබන පාසල් සිසුවියකට පහර දුන් ගුරුවරයා අත්අඩංගුවට ගැනීම වළක්වා ගැනිම සදහා හෘද්‍යා බාධයක් බව පවසමින් දික්ඔය මුලික රෝහලට ඇතුලත් වි නේවාසිකව ප්‍රතිකාර ලබන බව පහර කැමට ලක් වු සිසුවියගේ දෙමව්පියන් චෝදනා කර සිටිනවා.

පාසලේ අධ්‍යාපනය කටයුතු වලට අමතරව පහර දුන්නේ යැයි කියන ගුරුවරයා හැටන් ප්‍රදේශයේ ජිව විද්‍යා බාහිර පන්තියක් පවත්වන බවත්, එම බාහිර පන්තියට එම සිසුවිය නොපැමිණීම සම්බන්ධයෙන් උරණ වු ගුරුවරයා ඉකුත් (21) දින තම දියණියට වේවැල් පහක් එකට එක් කර අමානුෂික ලෙස පහර දීම නිසා තුවාල ලැබු දියණිය දික්ඔය මුලික රෝහලට ඇතුලත් කිරිමෙන් පසු ඇය එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවද එම සිසුවියගේ දෙමව්පියන් අවධාරණය කරයි.

එම පාසලේ ගුරුවරුන් කියා සිටින්නේ, සමාන්‍ය පෙල විභාගයේදී පහර කැමට ලක් වුවේ යැයි කියන සිසුවිය ඒ සමාර්ථ 9 ක් ලබාගෙන එම පාසලේ ජිව විද්‍යා අංශයෙන් උසස් පෙල හදාරන අතර, එම සිසුවිය අධ්‍යාපනයට දක්ෂ සිසුවියක් බවයි.

එම සිසුවියගේ දෙමව්පියන්ද ගුරුවරුන් වශයෙන් හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන පාසල් වල සේවය කරන අතර , තම දියණියට එම ගුරුවරයා අමානුෂික ලෙස පහර දීම සම්බන්ධයෙන් හැටන් පොලිසියට පැමිණිල්ලක් කල බවත්, පහර දුන් ගුරුවරයා මීට ප්‍රථම අවස්ථා කිහිපයකදීම සිසු සිසුවියන්ට පහර දීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ගුරුවරයෙකු බවයි දෙමව්පියන් වැඩිදුරටත් පවසන්නේ.

එම ගුරුවරයා අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් හැටන් පොලිසියේ නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ, සැකකාර ගුරුවරයාද තමන්ට හෘද්‍යා බාධයක් ඇති බව පවසමින් දික්ඔය මුලික රෝහල ඇතුලත්වී නේවාසිකව ප්‍රතිකාර ලබන බවත්, වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව එම ගුරුවරයාට එරෙහිව නිතීමය ක්‍රියාමාර්ගය ගන්නා බවද වැඩිදුරටත් කියා සිටී.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now