මෙරට තවත් ප්‍රබලයෙක් මෙලොව හැර දා යන්නම යයි.. (PHOTOS)

Death Latest Headlines
By krishani Apr 16, 2024 04:42 PM GMT
Report

අද (16) පස්වරුවේ සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ. ටී. ආරියරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මෙරට තවත් ප්‍රබලයෙක් මෙලොව හැර දා යන්නම යයි.. (PHOTOS) | A T Ariyarathne Passed Away

ඒ මහතා මිය යන විට 93 වැනි වියේ පසු විය.  

පොද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු මෙසේ අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ. 

1931 දී උපත ලද ඒ මහතා ප්‍රාථමික අධ්‍යාපනය ගමේ පාසලෙන් ද, ද්විතීයික අධ්‍යාපනය ගාල්ල මහින්ද විද්‍යාලයෙන් ද, උසස් අධ්‍යාපනය විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් ද ලබා ගැණුනේ ය.

පාලිත තෙවරප්පෙරුමගේ හදිසි මරණය ගැන එළියට ආ තවත් තොරතුරු මෙන්න.

පාලිත තෙවරප්පෙරුමගේ හදිසි මරණය ගැන එළියට ආ තවත් තොරතුරු මෙන්න.


එමෙන්ම, කොළඹ නාලන්දා විද්‍යාලයෙන් ගුරු වෘත්තිය ආරම්භ කළ ඔහු එහි දී උසස් පෙළ පාසල් සිසුන් හතළිස් දෙනෙකු සහ ගුරුවරුන් දොළොස් දෙනෙකු අධ්‍යාපන චාරිකාවක් සඳහා රැගෙන ගියේ කුලහීන යැයි සැලකෙන ගමකට ය.

මෙම ගමනේ දී ඔහු සිය සිසුන්ට සහ ගුරුවරුන්ට සිය ශ්‍රමය, චින්තනය සහ ශක්තිය ගම්වාසීන් සමඟ බෙදා හදා ගැනීමේ මඟ පෙන් වීය.

මෙරට තවත් ප්‍රබලයෙක් මෙලොව හැර දා යන්නම යයි.. (PHOTOS) | A T Ariyarathne Passed Away

තව ද, ඔවුන්ගේ ගම සංවර්ධනය කිරීමට සහාය වුවේ පළමු ශ්‍රමදාන කඳවුර සර්වෝදය ශ්‍රමදාන ව්‍යපාරයේ ආරම්භය සනිටුහන් කරමින් වේ.

වසර හැට තුනකටත් වැඩි කාලයක් සර්වෝදය ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය නොවන ව්‍යාපාරය ලෙස සිය සේවය අඛණ්ඩව කරගෙන ගියේ ය.

කෙසේ වෙතත්, ආචාර්ය ආරියරත්නයන් ජාතිය සහ එහි ජනතාව වෙනුවෙන් කළ කැපවීම අගයන ජාතික හා ජාත්‍යන්තර සම්මාන රාශියක් ලබා ඇත.