පොලීසියෙන් රැගෙන ගිය සැකකරු මහමග ජිවිතක්ෂයට (VIDEO)
කිරිඳිවැල පොලීසිය විසින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු මියගොස් තිබේ. විමර්ශන කටයුත්තක් සඳහා සැකකරුව යතුරුපැදියකින් පොලීසියෙන් පිටතට රැගෙන යමින් සිටියදී ප්‍රදේශයේ පිහිටි බෝක්කුවක් අසල යතුරුපැදිය පෙරළීයෑමෙන් සිදුවූ අනතුරකින් එම සැකකරු මියගොස් ඇති බව වාර්තා වෙයි.
එම අවස්ථාවේදී යතුරුපැදියේ ගමන් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනාට ද සුළු තුවාල සිදුවී ඇත. මියගිය පුද්ගලයා 27 හැවිරිදි අයෙක් වන අතර ඔහුට විවිධ රෝගාබාධ තිබී ඇති බව පොලීසිය පවසයි. කෙසේවෙතත් අදාළ මරණය සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත ගම්පහ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ මෙහෙයවීමෙන් පොලිස් කණ්ඩායම් දෙකක් විමර්ශන ආරම්භ කර තිබේ.
පොලීසිය පැවසුවේ, මියගිය පුද්ගලයාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනා සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නා බවය.
(වීඩියෝ අයිතිය - අද දෙරණ)
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |