පාසල් අධ්‍යාපනයෙන් විෂය ධාරාවන් කිහිපයක් ඉවතට..? කැබිනට් ඇමතිගෙන් ප්‍රකාශයක්.
කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ, පාසල් අධ්‍යාපනයෙන් සෞන්දර්යාත්මක විෂයන් හෝ කලා විෂය ධාරා ඉවත් කිරීමට කිසිදු ප්‍රතිපත්තිමය තීරණයක් රජය විසින් ගෙන නොමැති බවත් එවැන්නක් ඉදිරියේදී සිදුකිරීමට බලාපොරොත්තුවක්ද නැති බවත්ය.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.
ඔහු අවධාරණය කළේ, කලා විෂය ධාරාවන් අධ්‍යාපනය තුළ පැවතිය යුතු බවට ලෝකයම පිළිගන්නා බවයි.
බටහිර රටවල ආගමික විෂයන් ඉගැනුවූයේ නැතත් කිසිවිටෙකත් මෙරට ආගමික විෂය ධාරාවන් පාසල් අධ්‍යාපනයෙන් ඉවත් නොකරන බවයි පැවසුවේ.
ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, නැටුම්, සංගීතය,චිත්‍ර ආදී සෞන්දර්යාත්මක විෂයන් පාසල්වලින් ඉවත් නොකරන බවද ඒවා දරුවන්ට ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනයේදී අත්‍යවශ්‍ය දේවල් බවයි.
ලංකාවේ 50%කට වැඩි පිරිසක් කලා අංශයේ විෂය ධාරාවන් හැදෑරීමෙන් විභාග සමත්ව ජීවිත අසමත් වන විශාල සංඛ්‍යාවක් වන බව පවසනවා.
උපාධිය දක්වා අධයාපනය ලබා ගත්තද දේශීයව සහ විදේශීයව ජීවනෝපායන් සලසාගත නොහැකිව සිටින බවත් ඔවුන් දීමට රැකියා නැතැයිද පවතින රැකියා සදහා අවශ්‍ය උගතුන් නොවන බවද අමාත්‍යවරයා පැවසුවා.
මේ අතර සෞන්දර්ය අධ්‍යාපනය නොනැසී දිගටම සංවර්ධනය වෙමින් පවතින බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.