වෘත්තීය සමිති 72ක් සංකේත වැඩවර්ජනයකට ලෑස්ති වෙයි - දිවයින පුරා කුමක් වෙයි ද?.
සෞඛ්‍ය වෘත්තිය සමිති 72ක් ඒකාබද්ධව සංකේත වැඩවර්ජනයක් දියත් කිරිමට සූදානම්ව ඇත.
ඒ අනිද්දා උදෑසන 06.30 සිටයි.
ඒ රජය විසින් වෛද්‍යවරුන්ට ලබාදීමට තීරණය කර ඇති රුපියල් 35,000 දීමනාවට තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලමින් ය.
මෙම වර්ජනය සදහා පරිපූරක වෛද්‍ය සේවාවට අයත් වෛද්‍ය සේවාවට අයත් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥවරුන්, විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්, ඖෂධවේදීන් මෙන්ම හෙද සේවාවද එක්වීමට නියමිතව ඇත.
එමෙන්ම, අතුරු වෛද්‍ය සේවාවට අයත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරින්,අක්ෂි තාක්ෂණවේදින්, දන්ත කාර්මිකයින්, මෙන්ම සෞඛ්‍ය කළමනාකරණ සහකාර සේවා, සෞඛ්‍ය ගිලන් රථ සේවකයින් ඇතුලු වෘත්තීය සමිති 72 ක් ද එක් වේ.
කෙසේ වෙතත්, සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය සඳහන් කළේ ඒ අනුව අනිද්දා දිනයේ දී දිවයින පුරා රෝහල්වල වෛද්‍ය සේවා සැපයීම හැර අනෙකුත් සේවාවන් අඩපණ වනු ඇති බවයි.
Sponsored By Sarrita Jewellery