රාජ්‍ය සේවකයින්ට 35,000ක දීමනාවක් ලැබෙයි ද?.
අද (21) දිනයේ වෘත්තිය සමිති 72ක් පළාත් කේන්ද්‍ර කරගනිමින් දියත් කරන වෘත්තිය ක්‍රියාමාර්ගය බස්නාහිර පළාතේ ක්‍රියාත්මක විය.

ඒ වෛද්‍යවරුන් සඳහා අනුමත කළ රුපියල් 35,000ක ඩැට් දීමනාව ඉල්ලමින් ය.
එම වැඩ වර්ජනයට පරිපූරක, අතුරු වෛද්‍ය, මහජන සෞඛ්‍ය පරීක්ෂක, පවුල් සෞඛ්‍ය සේවිකාවන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිය සමිති 72ක් එක් විය.
කෙසේ වෙතත්, එම වර්ජනය හේතුවෙන් රෝහල් රැසක රෝගීන් පීඩාවට පත් වූ බව වාර්තා විය.
එමෙන්ම, ඇතැම් රෝහල්වල දෛනික කටයුතු බාධාවකින් තොරව සිදු වූ බව ද සඳහන් විය.
මේ අතර, බන්ධනාගාර නිලධාරීන්ට රුපියල් 15,000 ක දීමනාවක් ලබා දීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් යොමු කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ඊයේ (20) දිනම අවශ්‍ය පියවර ගන්නා ලෙස අධිකරණය, බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් වන සම්පූර්ණ විස්තරය පහතින්,
 
                 
                 
                                             
     
     
     
        
     
    ![හෙට රනිල් අනිවාර්යෙන්ම ඇතුලට යනවා ගිය නැත්නම් ආයෙ මම යූටියුබ්වල නෑ -සුදත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/f1ef7fe8-a769-4ec8-afb4-94bdeb841a49/25-68a6a1389da66-sm.webp) 
     
     
    