තවත් රෝගයක, රෝගීන්ගේ ඉහළ යාමක්.

Sri Lanka Ministry of Health Sri Lanka
By krishani Jul 22, 2023 07:38 AM GMT
Report

මෙරට බරවා රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව ජාතික බරවා මර්දන ව්‍යාපාරය සඳහන් කළේ ය.

ඒ අනුව ජලාශ ආශ්‍රිත ප්‍රදේශවලින් මෙම බරවා රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව ඔවුන් පැවසීය.

මෙම රෝගය සුරතල් සතුන් මගින් ද ව්‍යාප්ත විය හැකි ය.එමෙන්ම 64%ක් බෘගියා මලායි යන පරපෝෂිතයා මගින් ව්‍යාප්ත වූ බරවා රෝගීන් වාර්තා වී තිබෙනවා.

මේ අතර, ලෝකයේ අංගවිකලතාවය ඇති කරනු ලබන රෝග අතරින් බරවා රෝගය ප‍්‍රධාන තැනක් ගනී.

එමෙන්ම බරවා රෝගය මිනිසාට දිගුකාලීන විරූපභාවයන් හා දුබලතාවයන් ඇති කළ හැකි රෝගයකි.

මෙම රෝගයෙන් රෝගීන් මිය යන්නේ නැති නමුත් දිගුකාලීනව ඉදිමුණු අත් හා පාද ආදිය සහිතව මුළු ජිවිතයම ගෙවන්නට සිදුවේ.

මෙවැනි තත්ත්වයක සිටින අය සමාජයීය, ආර්ථික සහ මානසික අපහසුතාවයන්ට ලක්වීම ද සිදුවේ.