දෙසැම්බර් 30 සහ 31 විශේෂ දුම්රිය ධාවන වැඩ පිළිවෙලක්. - හේතුව මෙන්න.
Sri Lanka Railways
Department of Railways
Railways
By Wayomi
දෙසැම්බර් 30, 31 දින දෙකේදී විශේෂ දුම්රිය ධාවනය සඳහා කටයුුතු යොදා ඇති බව දුම්රිය මූලස්ථානය පවසනවා.
ඒ, අනුරාධපුර රුවන්වැලි මහසෑය අභියසදී පවත්වනු ලබන මහා අරියවංශ දේශනාව වෙනුවෙන්.
මේ අනුව බෙලිඅත්ත සහ කොළඹ කොටුව සිට අනුරාධපුරය දක්වා ගමන් කරන බැතිමතුන් සඳහා විශේෂ දුම්රිය ධාවනය සඳහා කටයුුතු යොදා ඇත.
දුම්රිය මූලස්ථානය කියා සිටියේ, ඊට අමතරව මහනුවර සිට මෙම පුණ්යකර්මය සඳහා සහභාගීවන බැතිමතුන්හට මහනුවර දුම්රිය ස්ථානයෙන් පෙ.ව. 6.50 ට කොළඹ කොටුව දක්වා ධාවනය වන අංක 1036 දුම්රියෙන් පොල්හහවෙල දුම්රිය ස්ථානයට පැමිණ මෙම විශේෂ දුම්රියෙන් අනුරාධපපුරය දක්වා ගමන් පහසුකම් සලසා ඇති බවයි.