ගුරුවරුන්ට විශේෂ දැනුම්දීමක්..
Ministry of Education
Sri Lanka
By krishani
ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතිය යටතේ පවතින මානව සම්පත් කළමනාකරණ පද්ධතියෙහි (NEMIS-THRM) අන්තර්ගත ගුරුවරුන්ගේ පෞද්ගලික හා සේවා දත්ත ඇසුරින් ඉදිරියේ දී මාර්ගගත ගුරු ස්ථාන මාරු ක්‍රියාවලිය සිදු කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
ගුරු ස්ථාන මාරු ක්‍රියාවලිය කඩිනම්ව හා විධිමත් ව සිදු කිරීමට එම තොරතුරු දෛනිකව යාවත්කාලීන කළ යුතුව පවතින හේතුවෙන් රජයේ පාසල්වල සියලු ගුරුභවතුන් මේ සම්බන්ධයෙන් දැනුම්වත් වී https://nemis.moe.gov.lk තොරතුරු ජාලය ඔස්සේ ගුරුභවතුන්ගේ මානව සම්පත් කළමනාකරණ තොරතුරු පද්ධතියට පිවිස සිය තොරතුරුවල නිරවද්‍යභාවය තහවුරු කරගත යුතු බව එම අමාත්‍යාංශය පවසන්නේ.
ඒ සම්බන්ධයෙන් සංශෝධනයන් වෙතොත් කලාප අධ්‍යාපන අධ්යක්ෂ වෙත දැනුම් දිය යුතු වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |