විදෙස් ගතවන අයට විශේෂ දැනුම්දීමක්.....

Bandaranaike International Airport Foreign Employment Bureau Ministry of Foreign Affairs - sri lanka Latest Headlines
By Sewvandhi Feb 27, 2024 03:14 PM GMT
Report

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සහ කොළඹ වරායේ සෞඛ්‍ය ධාරිතාවන් වැඩි දියුණු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ අනුව ඇතුළු වීමේ ස්ථානවල දේශසීමා ආශ්‍රිත සෞඛ්‍ය පෙර සූදානම, ආසාදිත රෝග පාලනය සඳහා සෘජුව දායකවීම සහ විවිධ හදිසි සෞඛ්‍ය ආපදාවන්හිදී සියලුම මගීන්ගේ කාර්යමණ්ඩලයේ හා ඇතුළු වීමේ ස්ථාන වල කාර්ය මණ්ඩල සුරක්ෂිත කරන බවට සදහන්.

මේ සදහා රටට ඇතුළු වීමේ ස්ථාන ක්‍රියාත්මක කිරීම, සංචාරකයින් තුළ විශ්වාසය ගොඩනැංවීමත් සහ සංචරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි සමඟ අනුකූල වන පරිදි දේශ සීමා මායිම් හරහා ඇතුළු වීමේ ස්ථාන පිළියෙල කිරීම අවශ්‍යව තිබෙනවා.

අදාල ක්‍රියාවලිය වෙනුවෙන් ජාත්‍යන්තර සංවිධානය හරහා ජපානයෙන් මිලියන 1170ක් ප්‍රදානය කරන බවයි වාර්තා වන්නේ.