ලෝක කුසලාන කණ්ඩායම ගැන විශේෂ ප්‍රකාශයක්. - අවාසනාවන්ත ලෙස තරගය අහිමි වූ ක්‍රීඩකයා. - (VIDEO)

Cricket Sri Lanka Cricket 2024 T20 World Cup Cricket Tournament
By Wayomi May 13, 2024 12:16 PM GMT
Report

ලබන ජුනි මාසයේ ආරම්භ වන T 20 ලෝක කුසලානය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම ඕනෑම අභියෝගයක් භාරගත හැකි ආකාරයේ කණ්ඩායමක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග සඳහන් කරනවා.

ඔහු මේ බව කියා සිටියේ, T 20 ලෝක කුසලාන සංචිතය පිළිබඳ දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට අද (13) එක්වෙමින්.

එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති උපුල් තරංග වැඩිදුරටත් කියා සිටියේ මෙවැන්නක්,

"අමෙරිකාවේ ඇති තණතිලි පිළිබඳව අපිට එන පණිවිඩ අනුව විශේෂයෙන් නිව්යෝක් සහ ඩලස්වලත් ඩ්‍රොපින් පිච් වල තමයි ක්‍රිඩා කරන්නේ. මොකද ඒවා තියෙන්නේ ඕස්‍ට්‍රේලියාවේ. ගිය අවුරුද්දේ මේජර් ලීග් එක ක්‍රීඩා කරලා තියෙන්නේ ඩලස්වල ඒවත් ඩ්‍රොපින් පිච්වල තමයි ක්‍රීඩා කරන්නේ. ඒ පිචස් ගත්තාම ගොඩක්... ඔස්ට්‍රේලියාවෙන් ආවත් කියන්නේ අර අන්ඉවන් විකට් කියලා. ඒ වගේ විකට් එක පොඩ්ඩක් ස්ලෝ ගතියක් තියෙනවා කියලා. විශේෂයෙන්ම එහේ කන්ඩිෂන් එක්ක බලද්දී අමෙරිකාවේ ඒ වගේම බටහිර ඉන්දීය කොදෙව්වල. ගොඩක් විදියහට එන නිව්ස් එක්ක තියෙන විකට්ස් ටිකක් ස්ලෝ වෙයි කියලා."

"අපි අන්තිම කාලේ ක්‍රීඩා කළේ දඟ පන්දුයවන්නන් දෙනෙකුගෙන්. හැබැයි සමහරක් වෙලාවට ලෝක කුසලානෙදී අපට දඟපන්දු යවන්නන් තුන්දෙනෙකු එක්ක යන්න අවස්ථාවක් එයි සමහර වෙලාවට. අපි ඒ හින්දා තමයි ඒ ඔප්ෂන් එකට දුනිත්ව ගත්තේ. මොකද ඔහුගේ පිතිකරණය දිහා බලලා. අපට සමහර වෙලාවට ෆාස් බොල් ඕල්රවුන්ඩින් නැතුව ස්පිනින් ඕල්රවුන්ඩ්ලට යන්න පුළුවන්."



Sri Lanka Parliamentary Election 2024

  • NPP 6863186 | 159 Seats
    Jathika Jana Balawegaya
    61.56%
  • SJB 1968716 | 40 Seats
    Samagi Jana Balawegaya
    17.66%
  • NDF 500835 | 5 Seats
    New Democratic Front
    4.49%
  • SLPP 350429 | 3 Seats
    Sri Lanka Podujana Peramuna
    3.14%
  • OTHERS 1464840 | 18 Seats
    All Other Parties
    13.14%