රට පුරා සිටින සියලුම බැංකු ගිණුම් හිමියන්ට විශේෂ දැනුම්දීමක්...ඔබේ ගිණුමත් අදම චෙක් කරල බලන්න..
ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පොදු ජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා අවධාරණය කර සිටිනවා.
ගිණුම් හිමියන්ගේ කිසිම දැනුවත්භාවයකින් තොරව මුදල් වෙන ගිණුම් වලට මාරු කිරීම මෙම ජාවාරම හරහා සිදු කෙරෙන බව කී වලේබොඩ මහතා තම ගිණුමෙන් මුදල් ඇදීම සම්බන්ධයෙන් අඩු ගණනේ කෙටි පඩිවිඩයක්වත් නොලැබෙන අයුරින් මේ වංචාව සිදු කර ඇති බවයි සඳහන් කළේ.
ගාමිණී වලේබොඩ මහතා සඳහන් කළේ, බලන්ගොඩ ස්වාමීන් වහන්සේ නමකගේ ගිණුමකින් රුපියල් ලක්ෂ එකොළහක් වෙනත් ගිණුමකට මාරු කිරීම පිළිබඳව පෙරේදා(25) ලැබුණු පැමිණිල්ලකට අනුව බැංකුවට ගොස් පරීක්ෂා කරන විට ඔන්ලයින් ගනුදෙනු පුහුණු කරන ආයතනයක් විසින් පුහුණු කරන ලද ගෝල බාලයන් පිරිසක් දිවයිනේ විවිධ තැන්වල සිටිමින් මේ කටයුත්ත කරන බවට තොරතුරු හෙළි වී තිබෙන බවයි.

මෙරට බැංකු ගිණුම් කෝටි 03කට වැඩි ප්‍රමාණයක් ගැන විශේෂ හෙළිදරව්වක්.. ඔබේ ගිණුමත් මෙහෙම එකක් ද බලන්න..
එක් දිනයකදී ගිණුම් පනහකට හැටකට පමණ මෙලෙස මුදල් මාරු කර විශාල වංචාවක් සිදුවෙමින් තිබෙන බවද දවස් දෙක තුනක් ඇතුළතදී දහසකගේ පමණ ගිණුම් වලින් මුදල් ඇද වංචා කර තිබෙන බවට තොරතුරු වාර්තා වන්නේ යැයිද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියා.
මෙම වංචාව සම්බන්ධයෙන් මහ බැංකුවට මෙන්ම විදුලි සංදේශ නියාමන කොමිසමට දැනුම් දෙන්නැයි පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටි ගාමිණී වලේබොඩ මහතා පොලිසි වලට මෙන්ම මූල්‍ය බුද්ධි අංශවලට මේ ගැන ක්‍රියාත්මක වන්නට ධාරිතාවක් නැති බව ප්‍රකාශ කළේ ය.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ පාර්ලිමේන්තුවේ දීය.