"පියුමා" සිදුකළ විශේෂ අනාවරණය

CID - Sri Lanka Police Sri Lanka Police Sri Lanka Police Investigation
By Sewvandhi Feb 18, 2024 09:37 AM GMT
Report

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පසුගියදා ඩුබායි සිට මෙරටට රැගෙන ආ "පියුමා" නැමැති අපරාධකරු ඩුබායි රාජ්‍යයේ දී සමීප ව ඇසුරු කළ කාන්තාවක් ඊයේ (17) අලුයම මෙරටට පැමිණීමේ දී ප්‍රශ්න කර තිබේ.

එම කාන්තාවගෙන් පැය 04ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, ඇය පියුමාගේ බිරිඳගේ මිතුරියක් බව වාර්තා වෙයි.

මේ අතර, "පියුමා" තමන් කළ අපරාධ සම්බන්ධයෙන් වැදගත් කරුණු රැසක් විමර්ශන නිලධාරින් හමුවේ අනාවරණය කර තිබේ. ඔහු පවසා ඇත්තේ, තමා සහ කුඩු සළිඳු කුඩා කල සිට හොඳ ම මිතුරන් බව ය.