ඖෂධ වර්ග 80ක් ගැන රතු එළියක්..හේතුව මෙන්න..

Sri Lanka Healthy ministry Ravi kumudesh a-shortage-of-drugs
By Aruna Jan 10, 2022 11:55 PM GMT
Report

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ඩොලර් අර්බුදය හේතුවෙන් ණයවර ලිපි නිකුත් නොකිරීම හේතුවෙන් ඖෂධ වර්ග 80 ක පමණ හිගයක් ඇතිවීමේ අවදානමක් ඇති බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයෙය් සභාපති රවී කුමූදේශ් මහතා පවසනවා.

මෙම වසරට (2022) අදාල වාර්ෂික ඖෂධ ඇස්තමේන්තුවලට අනුව ඖෂධ මිලදී ගැනීම සදහා අවශ්‍ය ණයවර ලිපි නිකුත් නොකිරීම හේතුවෙන් ඖෂධ වර්ග 80 ක් පමණ මිලදීගැනීමට නොහැකි වන තත්වයක් නිර්මාණය වී ඇති බව කී කුමුදේශ් මහතා සාමාන්‍යයෙන් ඉදිරි වර්ෂය සදගා ඖෂධ ඇස්තමේන්තු කලින් වසරේ ජනවාරි මස සිට සකස් කරන බව ද සඳහන් කළේය.

නියමිත ටෙන්ඩර් පටිපාටිය අවසන් කර මිලදී ගැනුම අගෝස්තු මස ආරම්භ වී තෝරාගන්නා සමාගම් සදහා ණයවර ලිපි නිකුත් කර මාස හතරක පමණ කාලයක් ඖෂධ ගෙන්වීම සදහා වැයවන බැවින් ජනවාරි මාසය වනවිට ඖෂධ රට තුළට ළගා වීම සිදුවන බවත් කෙසේ වෙතත් 2022 වර්ෂය සදහා අවශ්‍ය ණයවර ලිපි මේ වන තෙක් නිකුත් වී නොමැතිවීම හේතුවෙන් අත්‍යාවශ්‍ය ඖෂධ ඇනවුම් කිරීමේ ක්‍රියාවලිය දැනටමත් මාස 4ක පමණ ප්‍රමාද වී ඇති බවත් කුමුදේශ් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now