මහ රෑ යාමේ දකුණ රත් කළ පත්තුවිල්ල.. පැය ගාණකට කලින් වුණ දේ ගැන තොරතුරු රැසක් එළියට එයි.. (UPDATE)

Sri Lanka Police Sri Lanka Police Investigation Hospitals in Sri Lanka Crime Latest Headlines
By krishani May 08, 2024 03:05 PM GMT
Report

UPDATE:-

අද රාත්‍රියේ අහුංගල්ල ප්‍රදේශයේ නිවසකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය.

මෙලෙස ජීවිතක්ෂයට පත් වූයේ කීර්ති සේනා අබ්‍රේව් නැමති 56 හැවිරිදි පුද්ගලයෙක් ය.

මෙම වෙඩි ප්‍රහාරය ඔහුට එල්ල වී ඇත්තේ අහුංගල්ල බෝගහපිටිය ප්‍රදේශයේ සිය නිවසේ සිටිය දී ය.

ඒ අද රාත්‍රි 7.45ට පමණ ය.

ඔයාගෙම කියලා වාහනයක් ගන්න ද හිතුවේ?. වාහන ගැන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..

ඔයාගෙම කියලා වාහනයක් ගන්න ද හිතුවේ?. වාහන ගැන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..


නාදුනන පුද්ගලයින් දෙදෙනෙක් යතුරු පැදියකින් පැමිණ මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

එන වෙඩි ප්‍රහාරයෙන් හිසට සිදු වූ බරපතළ තුවාල සහිතව ඔහුව බලපිටිය රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබෙනවා.

කෙසේ වෙතත්, වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.

-------------------------------------------------

හුංගම රත් කළ පත්තුවිල්ල.. මීට සුළු වෙලාවකට කලින් සිදුවුණ දෙය මෙන්න..

අද (08) අහුංගල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

මහ රෑ යාමේ දකුණ රත් කළ පත්තුවිල්ල.. පැය ගාණකට කලින් වුණ දේ ගැන තොරතුරු රැසක් එළියට එයි.. (UPDATE) | A Shooting In Ahungalla Bogahapitiya Area

ඒ අහුංගල්ල බෝගහපිටිය ප්‍රදේශයේ දී ය.

මෙම වෙඩි තැබීම හේතුවෙන් පුද්ගලයෙකු තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

මේ අතර, ඊයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒඑච්එම් ෆවුසි මහතාගේ පුත්‍රයාව අත්අඩංගුවට ගැණින.

ඒ කොල්ලුපිටිය පොලීසිය විසින් ය.

රටම හොල්ලපු මන්නා රමේෂ්ගේ නිවසට පොලීසිය කඩා පැනලා - ගේ ඇතුළේ වලත් දාලා.. එළියට ආ පැටිකිරිය..

රටම හොල්ලපු මන්නා රමේෂ්ගේ නිවසට පොලීසිය කඩා පැනලා - ගේ ඇතුළේ වලත් දාලා.. එළියට ආ පැටිකිරිය..


ඒ රිය අනතුරක් සිදුකර අනතුරට ලක්වූ මාර්ගයේ ගමන්කළ පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ය.

කොල්ලුපිටිය පාසල් මාවත ප්‍රදේශයේ දී මාර්ගයේ ගමන්කරමින් සිටි අයෙකු අනතුරට ලක්වීමෙන් අනතුරුව අනතුරට ලක්වූ පුද්ගලයාට පහරදීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය පරීක්ෂණ සිදුකර සැකකාර ඒඑච්එම් ෆවුසි මහතාගේ පුත්‍රයාව අත්අඩංගුවට ගෙන අනතුරුව පොලිස් ඇප මත මුදාහැර ඇති බව වාර්තා විය.