රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ට තියුණු පිහි ප්රහාරයක්..
රාත්රී රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් පුද්ගලයින් දෙදෙනෙකු පරීක්ෂා කිරීමට යාමේ දී තියුණු පිහි පහරකට ලක් වී තිබෙනවා.
ඒ කෑගල්ල, නෙළුන්දෙණිය නගරයේ දී ය.
එලෙස තුවාල ලැබූ එම නිලධාරීන් දෙදෙනා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය සඳහන් කළේ ය.
රාත්රී රාජකාරියේ යෙදී සිටි පොලිස් සැරයන්වරයා හා කොස්තාපල්වරයා සැකකටයුතු පුද්ගලයන් දෙදෙනෙකු බෑගයක් අතැතිව පාරේ ගමන් කරමින් සිටිනු දැක ඇත.
ඔවුන් දෙදෙනා පරීක්ෂා කිරීමට යාමේ දී කලහකාරී ලෙස හැසිරෙමින් පොලිස් නිලධාරින් දෙදෙනාගේ රාජකාරී කටයුතුවලට බාධා එල්ල කර ඇත.
පසුව එක් පුද්ගලයෙකු පොලිස් නිලධාරින් දෙදෙනාගෙන් මිදී පලාගොස් ඇත.
අනෙක් පුද්ගලයාට මාංචු දැමීමට ගිය අවස්ථාවේ දී සඟවාගෙන සිටි පිහි තලයකින් නිලධාරින් දෙදෙනාගේ අත් පය කපා ඇති බව වාර්තා වේ.
අනතුරුව තුවාල ලබා සිටි පොලිස් නිලධාරින් දෙදෙනා සිද්ධිය සම්බන්ධයෙන් දැදිගම පොලිසිය දැනුම්වත් කර තිබෙනවා.
කෙසේ වෙතත්, එම ස්ථානයට පොලිස් කණ්ඩායමක් පැමිණ සැකකරු දැදිගම පොලිසියටත්, තුවාල ලබා සිටි පොලිස් නිලධාරින් දෙදෙනා කෑගල්ල මහ රෝහලටත් ඇතුළත් කර ඇත.
Sponsored By Sarrita Jewellery