ජනපති රනිල්ගෙන් ගාසා තීරයට පාසලක්.

Ranil Wickremesinghe Government Of Sri Lanka Israel-Hamas War
By Wayomi Jan 15, 2024 10:49 AM GMT
Report

ශ්‍රී ලංකාවේ දායකත්වයෙන් ගාසා තීරයේ පාසලක් ඉදිකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා මැදපෙරදිග රටවල තානාතිවරුන් හමු වී පවසා තිබෙනවා.

ඒ, යුධ ගැටුම් අවසන් වී ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ වූ පසුවයි.

ජනපති රනිල්ගෙන් ගාසා තීරයට පාසලක්. | A School For The Gaza Strip From President Ranil

ජනපති විසින් මෙම තානාපතිවරු කැඳවා තිබුණේ, යේමනයේ හූති හමුදාවන් විසින් දියත් කරන ලද ප්‍රහාරවලින් ජාත්‍යන්තර නැව් ආරක්ෂා කිරීම සඳහා රතු මුහුදේ මුර සංචාරය කිරීමට රජය ගත් තීරණය හේතුවෙන් අරාබි සහ ඉස්ලාමීය රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලවල ව්‍යාකූලත්වය ඉවත් කිරීම සඳහායි.

ශ්‍රී ලංකා නාවික හමුදාව රතු මුහුදට යෙදවීම සම්බන්ධයෙන්, එවැනි යෙදවීම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට හිතකර බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇතත්, මේ සම්බන්ධයෙන් තවමත් සලකා බලමින් පවතින බවද එහිදී ඔහු විසින් පවසා ඇති බවයි වාර්තා වන්නේ. 

ජනපති රනිල්ගෙන් ගාසා තීරයට පාසලක්. | A School For The Gaza Strip From President Ranil


                                                           Sponsored By Sarrita Jewellery

ජනපති රනිල්ගෙන් ගාසා තීරයට පාසලක්. | A School For The Gaza Strip From President Ranil