ගෑස් ගැන බරපතල අනාවරණයක්..!

Litro Gas LAUGFS Gas PLC Litro Gas Price Laugfs Gas Price
By Sewvandhi Jan 14, 2024 12:01 PM GMT
Report

ජාතික විගණන කාර්යාලය පවසන්නේ, වැඩි මිලට ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් ආනයනය කිරීම මගින් රුපියල් බිලියන 1,139ක අමතර වැය බරක් දැරීමට රජයට සිදුව ඇති බවයි.

ජාතික විගණන කාර්යාලය මේ බව පෙන්වාදී ඇත්තේ, ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් සමාගම විසින් 2022, 2023 වර්ෂ සඳහා සිදුකළ ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් ප්‍රසම්පාදනය පිළිබඳ විශේෂ වාර්තාවක් නිකුත් කරමිනුයි.

අඩුම ලංසුකරු සඳහා ගෑස් ටෙන්ඩරය ලබාදීමට කැබිනට් අනුමැතිය ද ලබාදී තිබියදී වැඩි මිලට ගෑස් මිලදී ගැනීම සඳහා නව ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

ඒ අනුව ආර්ථික අර්බුදයක් ද හමුවේ ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් මිලදී ගැනීම සඳහා වැඩිපුර ගෙවීමට සිදුව ඇති බව වාර්තා වෙයි.

විගණන වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබෙන්නේ, ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ලැබුණු ඩොලර් බිලියනයෙන් ද ලිට්‍රෝ ගෑස් සමාගමට එකඟ වූ ඩොලර් මිලියන 120ක ප්‍රදානය ප්‍රයෝජනයට ගැනීමට කටයුතු කර නොතිබූ බවයි.

Sponsored By Sarrita Jewellery

ගෑස් ගැන බරපතල අනාවරණයක්..! | A Revelation From The Audit Office About Gas