මහින්දගේ සමුළුවේ මහින්ද කතා නොකළේ ඇයි? - කුමන්ත්‍රණයක් ගැනත් නාමල් හෙළි කරයි. - (VIDEO)

Mahinda Rajapaksa Namal Rajapaksa Sri Lanka Politician Sri Lanka Podujana Peramuna Sri Lanka Presidential Election 2024
By Wayomi May 27, 2024 03:54 AM GMT
Report

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගොඩනගන ලද ආණ්ඩුව ඇදවැට්ටවීම සඳහා රට තුළ බරපතළ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ඔහු සඳහන් කරන්නේ, ආණ්ඩුව තුළ ම මීට එරෙහිව විවිධ බලවේග ක්‍රියාත්මක වූ බවයි.

"ආණ්ඩුව ඇතුළෙන් එදා කුමන්ත්‍රණය ගොඩනැගුණා. ජාත්‍යන්තර බලවේග, ත්‍රස්තවාදී සංවිධාන එදා ආණ්ඩුව පෙරළන්න කටයුතු කළා. එහි ප්‍රතිඵලයක් විදියටයි යහපාලන ආණ්ඩුව ගොඩනැගුණේ. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා භාර ගත්තේ මහින්ද මහත්තයා භාරදීපූ ආණ්ඩුව නෙමෙයි. වැටිච්ච් ආණ්ඩුවක්."


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මංගල ආසන සමුළුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තලාව නගරයෙන් ආරම්භ කෙරුණු අතර "සටන අරඹමු රජරටෙන්" යන තේමාව යටතේ මෙම ආසන සමුළුව පැවැත්වුණා.

ඊට පොදු ජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුලු විශාල පිරිසක් එක්විය.

එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුව පැවතුනද ඔහු සමුළුව අමතා කතා නොකිරීම විශේෂත්වයකි.