යුක්තියේ මෙහෙයුම් වලට රතු එළියක්.

Sri Lanka Police UNHCR Deshabandu Tennakoon
By Wayomi Jan 14, 2024 09:05 AM GMT
Report

යුක්තිය විශේෂ මත්ද්‍රව්‍ය මෙහෙයුම ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුකර ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කරනවා.

ඒ අනුව මත්ද්‍රව්‍ය සමාජයට දැවෙන ප්‍රශ්නයක් වුවද එය මානව හිමිකම් ආරක්ෂා වන පරිදි ක්‍රියාත්මක විය යුතු බවයි, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශිකාව පවසන්නේ

යුක්තියේ මෙහෙයුම් වලට රතු එළියක්. | A Red Light For Justice Operations

මේ අතර මත්ද්‍රව්‍ය චෝදනා මත සැක පිට අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් සාධාරණ නඩු විභාගවලට යටත් කිරීමට පියවර ගත යුතු බවත්, මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා සිදුකරන යුක්තිය මෙහෙයුම යටතේ අනවසර සෝදිසි කිරීම්, අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් හා ඇතැම් සැකකරුවන් හිංසනයට ලක් කිරීම් සිදුවී ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවත් ඔවුන් පෙන්වා දෙනවා.

ඒ, අනුව මේ පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වෝල්කර් ටර්ක් මහතාගේ ද අවධානය යොමුව තිබෙනවා.    


                                                                           Sponsored By Sarrita Jewellery


යුක්තියේ මෙහෙයුම් වලට රතු එළියක්. | A Red Light For Justice Operations